නිරිත දිග වැසි තත්ත්වය ආරම්භවීමත් සමඟ ඩෙංගු වසංගත තත්ත්වයක් බවට පත්ව තිබෙන බවත් අද වනවිට ඩෙංගු රෝගීන් 18,735 ක් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
''නියම තොරතුරු දැනගෙන ගවේශණාත්මක මාධ්‍යකරණයක නියැලෙන දවස ආරම්භ කරන්න හැකියාව අද ලැබෙනවා. නමුත් මේ පණතේ වැඩිම වාසිය හිමිවන්නේ රටේ ජනතාවටයි''යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පාර්ලිමේන්තුව අනුමත කළ සීමාව තුළ ණය ගෙන තිබෙන බවත් මුදල් පිළිබඳ ආධිපත්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
පානම ප්‍රදේශයේ ඉඩම් අහිමි වූ මුල් පදිංච්කරුවන්ට නිවාස සමඟ ඉඩම් ලබාදීමට කටයුතු කරන බවත් ජනතාවට අසාධාරණයක් නොකරන බවත් ඉඩම් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.