රට හදන්න නම් ආකල්ප වලින් වෙනස් විදියට සිතන පතන සමාජයක් ගොඩ නැගිය යුතු බවත් , ජනාධිපතිවයා ඊයේ දින ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේද මෙය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණඩාර තෙන්නකෝන් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මාකඳුර කෘෂිකර්ම පර්යේෂණායතනය නිෂ්පාදනය කරන කොම්පොස්ට් පොහොර සඳහා ගොවි ජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එම කෘෂිකර්ම පර්යේෂණායතනයේ කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මිය පවසයි.
ඉන්දියාවේදී හෝමියෝපති වෛද්‍ය උපාධිය හැදෑරීම උදෙසා ශ්‍රී ලාංකික සිසු සිසුවියන් දස දෙනෙකු සදහා ශිෂ්‍යත්ව සහ ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) දින එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
ක්‍රීඩාවේ හා තාරුණ්‍යයේ සංවර්ධනය උදෙසා ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතු යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.