ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී නාමයෝජනා භාර දුන් පිළිගත් දේශපාලන පක්ෂ වල ලේකම්වරුන් සමඟ සාකච්ඡාවක් 2023.01.24 වන දින පෙ.ව.10.00ට මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව මැතිවරණ කොමිසම දන්වයි.
කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්වයන් සාමුහික එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ
රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතිබවත්, විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප නියමිත දිනයට හා විධායක නිලධාරීන්ගේ වැටුප උපරිම දිනක ප්‍රමාදයක් සහිතව ගෙවීමට සූදානම් බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට බලපාන ගැටලු කීපයක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂන නිලධාරී සංගම් නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී පැවැත්විණි.