පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පසුගිය ජනවාරි 20 වැනි දා නානුඔය, රදැල්ල ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස් වෙනුවෙන් කඩිනමින් වන්දි ගෙවීමට සහ ගෙවිය හැකි උපරිම වන්දි ප්‍රමාණය ගෙවීමට ජනාධිපතිතුමා උපදෙස් දුන් බවත්, මින් පසුවට එවැනි අනතුරු සිදු නොවීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයාබැලීමට විද්වත් කමිටුවක් පත් කළ බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ලෝකප්‍රකට ක්‍රීඩාවක් වන වයිට් වොටර් රාෆ්ටින් (white water Rafting) ජල ක්‍රීඩාව ආශ්‍රිතව මතුව ඇති ගැටළු සොයා බලා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටුවක් පත්කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උපදෙස් දුන්නේය.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ දිනය වශයෙන් සෑම වර්ෂයකම මාර්තු 07 වනදා ප්‍රකාශයට පත් කිරීම සඳහා ඊයේ (23) අධිකරණ කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya