තිස්ස , ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කුඹුරු අක්කර 14000 ක වී වගාව අත්හැර දමන ලෙස බතලගොඩ වී පර්යේෂණායතනයේ නිලධාරීන් කණ්ඩායමක් උපදෙස් ලබා දී නොමැති බවත් ලුනුගම්වෙහෙර වී වගාවන් සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා මෙතෙක් කිසිදු නිලධාරියෙක් හෝ කණ්ඩායමක් තමන් යොමු නොකළ බවත් බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා පවසයි.
චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8 ක තොගය ගොවි ජනතාවට බෙදා හැරීම මේ වනවිට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.
නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.