විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සි පාර්ශව වෙතින් රු.38,087,000.00 (තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක) මුදලක් පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇත.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් ජීවන් තොන්ඩමාන් මහතා ඊයේ ( 19 ) ජල සම්පාදන අමාත්‍යාංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර (2023.01.20 වන සිකුරාදා ) අද අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රෝයල් රෙක්රූට්මන්ට් කන්සල්ටන්ට් පුද්ගලික සමාගම නමින් මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු ඇතුළු තවත් පුද්ගලයෙකු 17 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.