වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර (Triple Super Phosphate (TSP) ) එළඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රෝහල්ගත වී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ මැදිහත්වීමක් කිරීමට තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුඉනවර්ධන මහතා පැවසිය.
ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය කඩිනමින් එළි දැක්විමට කටයුතු කරන බවත්, පුද්ගලික මත වාද මත නොව පොදු ජනතාවගේ හා අනාගත පරපුරේ යහපත උදෙසා ප්‍රතිපත්ති සකස් විය යුතු බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයෂන්කර් මහතා අද පෙරවරුවේ මෙරට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාව හමුවිය.