ශ්‍රී ලාංකීය සිනමාවේ කාන්තා ලකුණ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පිරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අපොස උසස් පෙළ 2021(2022) විභාගයේ, නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල 2023.01.17 දින නිකුත් කරන ලද බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතයි.
ඒ අද (19) සහ හෙට (20) දෙදින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම උදෙසායි.
මෙම සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ්
ගුණවර්ධන මහතා හමුවීමට ද නියමිතයි.
විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සම ලේකම් (අයිඕආර්) පුනීත් අග්‍රවාල්, අධ්‍යක්ෂ සන්දීප් කුමාර් බයියාප්පු, නියෝජ්‍ය ලේකම් (ශ්‍රී ලංකා) නිධි චෞද්‍රි සහ නියෝජ්‍ය ලේකම් රඝූ පූරි යන මහත්වරු ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිට පැමිණෙති. ඒ මහතා නිල සංචාරයක් උදෙසා ඊයේ (18) මාලදිවයින වෙත පැමිණියේය.
ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ උප සභාපති ජී. එස්. විතානගේ මහතා අද (18) දින නව සභාපතිවරයා ලෙස එම අධිකාරියේ දී වැඩභාරගන්නා ලදි.