දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ ප්‍රමාදය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කළ සිහිකැඳවීමට අනුව පාර්ලිමේන්තුවේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිළි කිරීමක් සිදු කොට තිබේ.
ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බෙරුට් පාහෝර් මහතා (Borut Pahor) අතර හමුවක් අද (07) සිදු විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් මහතා අතර හමුවක් අද (07) සිදු විය.