ජාත්‍යන්තර වෘත්තීය බොක්සිං තරඟාවලියක් වන Countdown to the Middle East Crown බොක්සිං තරඟාවලියේ 5 වැනි අදියර 2022 නොවැම්බර් 26 වන දින ප.ව. 3.00 සිට ශ්‍රී ලංකාවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා මේ වන විට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා (21) සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය සහතිකය සටහන් කළේය.
සමස්ත සමාජය ම බෙදා වෙන්කිරීමකට ලක් කෙරෙන ජාතික පාසල් සංකල්පයට ප්‍රතිපත්තියක් වශයෙන් තමන් කවදත් විරුද්ධ බවත් ඒ වෙනුවට ඉදිරියේ දී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු අවශ්‍යතා පාදකව ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරන බවත් මේ එක් පාසල් පොකුරක ප්රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලික ව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.