ලෝක ළමා දිනය පදනම් කරගනිමින් ධීවර ජනාවාස ආශ්‍රිතව ජිවත්වන සෙමින් මනස වර්ධනය වන දරුවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහනක් ලෝක ළමා දිනය දා පැවැත්විමට නියමිත බවත්, එය බේරුවල මොරගල්ල වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිත බවත්, ධිවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.
නව තාක්ෂණය ධීවර කර්මාන්තයට හඳුන්වා දීම වෙනුවෙන් සියලුම බහුදින ධීවර යාත්‍රා සඳහා යාත්‍රා නිරීක්ෂණ පද්ධති සවිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මේ වන විට යාත්‍රා දෙදහසකට අධික ප්‍රමාණයකට එම නිරීක්ෂණ පද්ධති සවිකර ඇති බවත්, ඉදිරි මාස කිහිපය තුළ මෙම නිරික්ෂණ පද්ධති සවිකිරීමේ කටයුත්ත අවසන් කිරීමට හැකි බවත්, ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
ධීවර ප්‍රජාව වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීමට පියවර ගෙන ඇති බවත්, ධීවර ප්‍රජාව වෙනුවෙන් නව රක්ෂණාවරන ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා වී ඇති බවත්, ධිවර හා ජලජ සම්පත්
දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් එක්කෙරේ - ඇමති ප්‍රසන්න රණතුංග