ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා (05) පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් යටියන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීමට එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
වඳුරු උණ රෝගයට අවශ්‍ය පෙර සූදානම වෙනුවෙන් පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (05) මෙරටට භාර දෙනු ලැබීය.
දිවයින පුරා රජයේ රෝහල්වල ගොඩගැසී ඇති හඳුනානොගත් මෘත ශරීර සම්බන්ධයෙන් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
''මගේ වගකීම ක්‍රීඩකයින් හා ක්‍රීඩාව සම්බන්ධවයි. ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංගම් එහි නිළධාරීන් ද ක්‍රීඩකයින් හා ඔවුන්ගේ ක්‍රීඩාවන් පිළිබදව වගකීමක් දැරිය යුතුයි. වෙන ගනුදෙනුවක් අපිට නැහැ. නිළධාරීන් විදේශගත වන මුදල් ක්‍රීඩකයින් වැඩි වශයෙන් විදේශගත කිරීමට යොදාගැනීමට කටයුතු කරන '' බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.