මාර්තු 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලට සැළකිය යුතු මට්ටමේ වර්ෂාවක් ලැබීමත් සමඟ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාම් පූර්ව දැනුම් දීම් මේ වන විටත් නිකුත් කර ඇති බවත්, ජනතාව ඒ පිළිබඳව වඩාත් සැළකිලිමත් වන ලෙසත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික්ක 10කට දැඩි බලපෑම් එල්ල වූ අතර පවුල් 3471කට අයත් පුද්ගලයන් 13739ක් ආපදාවට පත් ව ඇති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ (දැනුවත් කිරීම්) සුගත් දිසානායක මහතා පවසයි.

    නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ දිවයිනේ නිරිත දිග කොටසේ වර්ෂාව වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද
    (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (05) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya