ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ වැඩසටහනට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා - ජපාන තානාපති හිදෙකි මිසුකොෂි ජනපතිට කියයි.
ඉදිරි මාස දෙකට සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල සකසා අවසන් බවත්, ඒ අනුව විවෘත ගිණුම් භාවිතා කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ දහයක් මෙරටට ගෙන්වීමට අද සිට අවසර ලබා දෙන බව වෙළඳ, වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති , අත්‍යවශ්‍ය භාණ්ඩ මිල, පාරිභෝගික සුභසාධනය හා අහාර සුරක්ෂිතතාවය පිළිබඳව වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටේරි මහතා, ජූනි 29 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.
පසුගිය සති කිහිපය පුරාවට රජය විසින් පොහොර මිලදී ගැනීම සහ ලබා ගැනීමේ ක්‍රියාවලීන් වල නිරතව සිටියත් ලොව බොහෝ රටවල් ඔවුන්ගේ රටවල නිෂ්පාදිත පොහොර සඳහා අපනයන තහනමක් පනවා ඇති නිසා මෙරටට අවශ්‍ය තරමේ පොහොර ලබා ගැනීමේ ගැටළුවක් මතුව තිබෙන නමුත් පසුගිය සතියේ ඉන්දියානු රජය සමඟ කළ සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියානු රජය විසින් යුරියා මෙට්‍රික් ටොන් 65,000 ක පමණ ප්‍රමාණය ඉදිරි දින වල දී ලබා දීමට නියමිතව තිබෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.