සුදු ලූනු වංචාව සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කර අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන බව,වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. අද(17) පාර්ලිමේන්තුවේදී , පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පාර්ලිමේන්තුවක් බවට මෙම පාර්ලිමේන්තුව පත් කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය ලබා දෙන්නැයි, නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය. අද (17) උදෑසන සිය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් සඳහන් කළේය.
අධ්‍යාපනයේ නව දිශානතීන් සමග වඩාත් නිර්මාණශීලී සහ පරිකල්පනයෙන් යුතු දරුවෙකු බිහි කිරීම සඳහා , පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල පාලිකාවන්ගේ ඩිප්ලෝමා පාඨමාලාව වඩා විධිමත් කිරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
අද(17) පාර්ලිමේන්තුවේදී , පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සහ එහි සිටින පාලිකාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ, ජාතික ළමා රක්ෂණ අධිකාරිය මගින් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නියාමනය වන බවයි. පූර්ව ළමා විය මධ්‍යස්ථානයන්හි පවතින ප්‍රමිතීන්, විශේෂයෙන් පාලිකාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් සහ ඩිප්ලෝමා ලබා දීම සම්බන්ධයෙන් පැහැදිළි එකඟතාවයටක පැමිණිය යුතු බව අමාත්‍යවරියා පෙන්වා දුන්නාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ පැවසුවාය.
“පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රමිතීන් අනුව පමණක් නොවෙයි නම් අනුවත් වෙනස් වෙනවා. පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යසථින ආදී විවිධ නම් වලින් මෙම මධ්‍යස්ථාන හඳුන්වනවා. අධ්‍යාපනයේ නව දිශානතීන් සමග දරුවන් වඩා යහපත් තැනකට ගෙන යා යුතුයි. සහකම්පනයෙන් යුතු, මෘදු කුසලතාවයෙන් යුතු සහ පරිකල්පනය උපරිමයෙන් තිබෙන දරුවෙක් නිර්මාණය කර ගැනීමේ අලුත් වැඩසටහනක් දක්වා පෙර පාසල් පාලිකාවන්ගේ ඩිප්ලෝමාව ගෙන යාමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.”
පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා තේරී පත් විය.