ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    2025 වස‍ර ආරම්භයේ සිට ම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රු. 6000/- බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.  අද පාර්ලිමේන්තුවේදී පාසල් ළමුන්ට ලිපිද්‍රව්‍ය ලබාගැනීමට දීමනාවක් ලබාදීම සඳහාවූ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    දේශපාලඥයින් වෙනුවෙන් වැය කළ මුදල් අඩු කර, මහා භාණ්ඩාගරයේ  ඇති එම මුදල් මේ රටේ දරුවන් වෙනුවෙන්  යොදවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(17)පාර්ලිමේන්තුවේදි පැවසීය.

    ඉදිරියේදී සියලුම ගොවි බිම් රකෂණ ක්‍රමයකට යටත් කොට, වගා හානියක් සිදු වූ විට වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසිය. අද(17) පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රී රෝහණ බංඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවයා මේ බව පැවසීය.

    හිටපු ජනාධිපතිවරුන්ට ත්‍රිවිධ හමුදාව ලබාදී තිබූ ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවත් මාස හයකට වරක් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ සමාලෝචනයකින් පසු ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ තීන්දු තීරණ ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya