ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ගේ පළමු විදෙස් සංචාරය ලෙස අද (15) පස්වරුවේ ඉන්දියාව බලා දිවයිනෙන් පිටත්ව ගියේය.
වර්තමානයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින සේවක ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණෙන් වරාය හා නාවික, සිවිල් ගුවන් සේවා, ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (14) ගුවන්තොටුල පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ශ්‍රී ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති ‘හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය’ මැඩපැවැත්වීම සඳහා වර්තමාන රජය දැඩි ලෙස කැපවී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අද ( 15) අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත. ඉන් පසුව එළඹෙන දින දෙක තුලදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.