සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සිහිපත් කිරීම සඳහා පැවැත් වෙන ජාතික සුරක්ෂිත දින සැමරුම් වැඩසටහන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතාගේ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(26) උදෑසන 8.30ට , පෑරලිය සුනාමි ස්මාරකයට අසලදී පැවැත් වේ.
උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහි ගන්වන නත්තල, මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අදට යෙදී තිබෙන නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදට යෙදන නත්තල් දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සාමයේ කුමාරයාණෝ යන ගෞරවනීය විරුදාවවලිය ලැබූ ජේසුස් ක්‍රිස්තු සමිඳාණන්ගේ අසිරිමත් උපත සිදුවූ නත්තල් දිනය (25) අද යි.