ජූනි 16, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    පසුගියදා(21) නිල සංචාරයක්සඳහා මෙරටට පැමිණි ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් 'KRI DIPONEGORO- 365'යුද නෞකාව එම නිලසංචාරය සාර්ථකව අවසන් කරමින්අද දින (23)දිවයිනෙන්පිටත්ව යන ලද අතර,එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීමකොළඹ වරායේදී අද සිදු කෙරිණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
     
    ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේද පැවසීය.
     
    ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම ජනප්‍රිය තීන්දු තීරණ දේශපාලඥයින්ගෙන් බලාපොරොත්තු වෙනවා. ජනප්‍රිය තීන්දු තීරණ ගන්න ගිය ඒ  සෑම අවස්ථාවකම අප වැනි කණ්ඩායම් ඊට විරෝධය දක්වා සිටියා. නමුත් ජනතාව වෙනුවෙන් කියමින් දේශපාලඥයන් ජනප්‍රිය තීන්දු ගත්තා. එසේ ක්‍රියාකල සෑම අවස්ථාවකම රටක් විදියට අපි අසාර්ථක වී තිබෙනවා.
     
    විපක්ෂ කණ්ඩායම්වලට මෙයින් ගැලවීමක් නැහැ. ඒ අයත් රටේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු ගන්නා විට ඒවාට විරෝධය දැක්වූයේ, ජනප්‍රිය තීන්දු ගනිමින්. ඒවා පටු දේශපාලන අරමුණු මත ගනු ලැබූ තීන්දු බව කිව යුතුයි. අවසානයේදි අපේ රට ආර්ථිකමය වශයෙන් දරුණු ඛේදවාචකයකට මුහුණ දුන්නා.
     
    මේ රට ගොඩ ගන්න බෑ කියලා තේරුම් අරගෙන හිටපු නිසයි ඇතැමුන් වගකීම් භාරගන්න බෑ කිව්වේ. ජනාධිපතිතුමා ඇතුළු අපි මේ වගකීම භාරගත්තේ නැතිනම් බස්වලින් සෙනග ඇදලා රැලි පෙන්වන අයටත් ඒ මිනිස්සු නැති වෙනවා. රට ගමන් කරමින් සිටියේ මහා ඛේදවාචකයකටයි. අපිට දැන් චෝදනා කරන සමහරුන්ට මතක නෑ, ඒ මෙහොතේ ඔවුන් ආණ්ඩුවෙ සිටි බවත් අප විපක්ෂයේ සිටි බවත්.
     
    අප ආණ්ඩුව භාරගත්තේ රටේ විදෙස් සංචිතයේ එක් ඩොලරයක්වත් නොතිබුණ තත්ත්වයකයි. මහ බැංකුවේ ඩොලර් වත්කමට වඩා වැඩි වත්කමක් රට ගිහින් පැමිණි අපේ විදේශ ගත ශ්‍රමිකයින් සතු වුණා. මුළුමණින්ම සිදීගොස් තිබු මෙරට ඩොලර් සංචිතය ඩොලර් බිලියන 3.6ක් දක්වා අද වන විට වැඩි කිරීමට ආණ්ඩුව සමත්ව තිබෙනවා. ඒ මෙහොතේ අපි බලයට ආවේ නැතිනම් රටේ ඩොලර් නැතිව, කිසිවක් ආනයනය කරන්න නොහැකි වනවා.
     
    අප බලයට එන විට තිබුණේ හිතුමතේ මුදල් මුද්‍රණය කළ තත්ත්වයක්. උද්ධමනය ඉහළ ගියේ ඒ නිසයි. ඒ ආකාරයටම මුදල් මුද්‍රණය කළා නම් ඇත්තටම වෙළද සැලකින් බඩු ගන්න යන්න වෙන්නේ විල් බැරෝවක සල්ලි පුරවාගෙනයි.

    2024 ජනවාරි මාසයේ දී විදුලි බිල අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග  හා දිගු කාලීනව විදුලි බිල අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  විමසා බැලීම බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී   සිදු විය.

    රජයේ මහල් නිවාස සංකීර්ණවල නිවාස හිමිකාරීත්වය සින්නක්කර ඔප්පු මගින් ජනතාවට පැවරීම සම්බන්ධයෙන් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණවලට කඩිනමින් එළැඹිය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya