හෙටට යෙදෙන නත්තල් දිනය නිමිත්තෙන් සහ අනිද්දා උදුවප් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් 25 සහ 26 යන දෙදින දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා විසින් නියෝග කර තිබේ.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති වෙන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(24) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
2023 අපොස උසස් පෙළ විභාගය එළඹෙන ජනවාරි මස 04 සිට ජනවාරි 31 දක්වා පැවැත් වෙන අතර විභාගය පැවැත්වෙන කාලසීමාවත තුළදී විභාග මධ්‍යස්ථාන ආශ‍්‍රිතව දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට පත් කල විද්වත් කමිටුව අද රැස්වෙයි...
සෞඛ්‍ය සේවාවේ අනාගත උන්නතියට ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ....
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් විද්වත් අදහස් සහ යෝජනා ලබාගෙන කාර්යක්ෂම හා විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාවට ලබාදීම ප්‍රධාන අරමුණ කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සංකල්පයකට සහ අදහසකට අනුව පිහිටුවන ලද විද්වත් කමිටුව ඊයේ(22) කොළඹ ගලධාරී හෝටලයේ දී රුස්විය.