භෞතික සම්පත් සමග ම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16වැනිදා නව පත්වීම් ලබා දෙන අතර ම විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම උපාධිධාරී ගුරුවරුන් 5500ක්, වයස 35 නොයික්මවූ උපාධිධාරීන් අතරින් නුදුරේදී ම බඳවාගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.
රජය ගත් සුවිශේෂී අර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.