ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ප්‍රකාශ කළාය.
රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම වැදගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටළු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අස්වැසුම” සුබසාධක වැඩසටහන දේශපාලනීකරණය කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.