ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය විසින් 2024 ජුනි 30 දින පවත්වන ලද සංවර්ධන නිලධාරී සේවයේ II වන හා III වන කාර්යක්ෂමතා විභාගයේ ප්‍රථිඵල ලේඛණ නිකුත් කර තිබේ. විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වේබ් අඩවිය හරහා පරීක්ෂා කිරීමේ පහසුකම් සලසා ඇතැයි එම ආයතනය නිවේදනය කරයි.
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 03වැනි අඟහරුවාදා, සහ 04 වැනි බදාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. අද (02) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.
ගත වූ පැය 24 කාලය තුළ (2024.08.30 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.