ඕස්ට්‍රේලියානු රජය විසින් එරට රාජකීය ගුවන් හමුදාවට අයත්ව තිබූ බීච්ක්‍රාෆ්ට් KA350 King Air ගුවන් යානයක් (ලියාපදිංචිය A32-673) ශ්‍රී ලංකා රජයට තිළිණ කරන බව දැනුම් දී තිබේ.
අන්තර්ජාතික ගිවිසුම් අනුව යම් වැඩපිලිවෙලක් සකස් කිරීමෙන් අනතුරුව බලයට පත්වන අනෙකුත් රජයන් එම ගිවිසුම් නොතකා කටයුතු කිරීමත්, අත්තනෝමතික ලෙස කටයුතු කිරීමත්, නිලධාරීන්ගේ වැරදි උපදෙස් ලබාදීමත් නිසා නිදහසින් හැත්තෑ පස් වසරකට පසුව අපේ රට මෙවැනි තත්වයකට මුහුණ පා ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(13) පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තව නිවේදනය කරයි.
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට කිරිපිටි ආනයනික් සමාගම් එකඟතාව පළකළ බවත් එම සහනය එළඹෙන මැයි මස 15 වැනිදා සිට ජනතාවට ලබා දෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.