ගොවි ජනතාවට ඉතාමත් යහපත් පරිසරයක් නිර්මාණය කිරීමේ සහතිකය ගොවි ජනතාවට ලබා දෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය
නැවත කවදාවත් ආපදාවලින් වංචාකරන ඉතිහාසයක් මේ රටේ ඇති වීමට ඉඩ නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.
පාර්ලිමේන්තුවේ මට්ටම උසස් කිරීම සඳහා , ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය වඩාත් සාධනීය ආකාරයෙන් පවත්වාගෙන යාමට හැකි වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. ඒ වගේම නවක මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනෙක් සාධනීය ලෙස අදහස් ඉදිරිපත් කළ බව ද සභානායකවරයා පැවසීය.