ලබන වසරේදී මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන තුන දක්වා වැඩිකර ගැනීමට සැලසුම් කර ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුරවේදී පැවසීය.
භාෂණයේ නිදහස අත්‍යාවශ්‍ය බවත් , රජය එය තහවුරු කිරීමට සෑම විටම කටයුතු කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතිවාදය හිස එසවීමට කිසිදු ඉඩක් තබන්නේ නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. නව නීති ගෙනැවිත් හෝ ඒ සඳහා කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. පසුගිය දින කිහිපයේදී සිදුකළ අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සහ ඊට පසුබිම් වූ හේතු සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාර්ලිමේන්තුව අද(04) රාත්‍රී නවය තෙක් පැවැත් වේ.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී ඇති ආපදා තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ප.ව 5.30 සිට ප.ව 9.30 දක්වා පැවැත්වීමට ඊයේ(03) පාර්ලිමේන්තුවේදී කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ.