රට තුළ ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම, සම්බන්ධයෙන් ජනාධිපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව දක්වා ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (03) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රජයේ දැක්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ශීර්ෂ තුනක් යටතේ ප්‍රකාශ වූ බවත්, එහි Clean Sri Lanka සංකල්පය යටතේ භොතික පරිසරය පමණක් නොව ජනතාවගේ ආකල්පමය වෙනසක් සිදු කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශ කළේය.
ඊයේ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවති විරෝධතාවයට එරෙහිව පොලීසිය යෙදව්වේ නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (03) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.
ලබන වසරේ සිට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6000/- දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.