2024 ජනවාරි 01 වැනිදා සිට සුරාසැල් බලපත්‍ර 361ක් ලබා දී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒවා අතුරින් වයින් ස්ටෝර්ස් හෙවත් එෆ් එල් නම් වූ බලපත්‍ර 172 ක් නිකුත් කර ඇති බවද සභානායකවරයා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අද (04) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සභානායකවරයා මේ බව පැවසීය.
ග්‍රාමීය ජනජීවිතය නඟා සිටුවීම සඳහා කෘෂිකර්මාන්තය කේන්ද්‍රගත කිරීමට වත්මන් රජය අපේක්ෂා කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සියලු පාර්ශවයන් එක්තැනකට ගෙන ඩිජිටල් ආර්ථිකයක් තුළ විදේශ විනිමය වැඩි වශයෙන් උපයන තැනකට රට මෙහෙයවන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ අයුතු ලෙස සුරාබදු බලපත් ලබා ගත්අය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ වී ඇති බවත් එම බලපත් ලබාගත් පුද්ගලයන්ගේ ලැයිස්තුව අද සවසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.