කර්මාන්ත සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇතිකළ යුතු බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය. අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ අද (05) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගොවි ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය. අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය පිළිබඳ විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.
වාරිමාර්ග කටයුතු සහ ගොවීන්ට ඉඩම් හා පොහොර ලබා දීම වෙනුවෙන් කලක් තිස්සේ විශාල මුදලක් වියදම් කර ඇති නමුත් ගොවියා සැමදා දුප්පත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම ගොවි ජනතාව සිටින තැනින් ඉදිරියට ඔසවා තැබීම ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම සඳහා ඉදිරියේදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම යෝජනා සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.
පරිභෝජනයට තිබෙන පොල්වල කිසි අඩුවක් නොමැති බවත්, එහෙත් පොල් වෙළෙඳපොළ මාෆියාවක් හදන්න ඇතැම් අය උත්සාහ දරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ජනතාව බලාපොරොත්තු වන පුනරුද යුගය කරා රට ගෙනයන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.