ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ අවසන් අදියරට ළඟා වෙමින් සිටින බවත්, එය දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට උත්සාහ කරන බව ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2025 වසරේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන, නව රජයේ අතුරු සම්මත ගිණුම , සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වේ.
ආපදා තත්ත්වය තුළ අහිමි වූ ජීවිත වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල් වැඩි කිරීම සඳහා කැබිනට් සංදේශයක් යොමු කර ඇති බවත් , එම මුදල මිලියනය දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.