අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිහාල් රණසිංහ මහතා ඊයේ (01) රාජකාරි ආරම්භ කළේ ය.
ඉතාමත් පහත් අසභ්‍ය වචන භාවිතා කරමින් පර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානිකරමින් කටයුතු කිරීම පිළිබඳව තමන් ඉතාමත් කණගාටුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (2) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
ශ්‍රී ලංකාවේ අපනයනය පැස ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. අලුතෙන් කර්මාන්ත කලාප හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.රට මුළුල්ලේම අපනයන සඳහා වෙළඳපොළක් නිර්මාණය කිරීම අවශ්‍ය වෙනවා. අපනයනකරුවන් දිරිගැන්වීමට වැඩසටහන් ක්‍රියත්මක කරනවා. 2019 ව්‍යාපාර නවොත්පාදන වැඩසටහනක් දියත් කරනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
මාතර කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසේ දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා වූ අවසන් පරීක්ෂණ දුම්රිය ඊයේ (31) දින ධාවනය කෙරිණි.