ජූනි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දියුණු සමාජ ආර්ථික සංවර්ධනයක් ශ‍්‍රී ලංකාවට උදාකර ගැනීමේ ප‍්‍රයත්නයෙහි ඉතා වැදගත් අභිමතාර්ථයක් ලෙස “මතින් නිදහස් රටක්” නමින් කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සියලු අංශවල සහයෝගයෙන් මේ වන විට දිවයින පුරා සාර්ථකව කි‍්‍රයාත්මක වෙමින් තිබේ.

    දරුණු ව්‍යසනයක් බඳුව පැතිර යන නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පොලිසිය ඇතුළු අනෙකුත් රාජ්‍ය අංශ මගින් පමණක් සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි බැවින් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පීය වෙනසකින් හා සකී‍්‍රය දායකත්වයකින් යුතුව මේ ව්‍යසනය පිටුදැකීමේ වැඩපිළිවෙළකට අවතීරණ විය යුතු බව ජනාධිපතිතුමාගේ විශ්වාසය යි.

    එකී වැඩපිළිවෙළේ ප‍්‍රවිෂ්ටය ලෙස, මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක් ව දිවුරුම් දෙන ,බක්මහ දිවුරුම,  සිදු කෙරේ.
    එහි ප‍්‍රධාන උත්සවය අද (03) පෙ.ව 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු ඊට එක්කර ගැනීමට නියමිත ය.

    මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවි ව විකාශය කෙරෙන අතර, ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලුදෙනා ද පොදු මහජනතාව ද, පාසල් දරුවන් ද බක්මහ දිවුරුමට එක්වීමට නියමිතව ඇත.

    මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් කි‍්‍රයාත්මක මෙම වැඩසටහනට එක්වන ලෙස භේදයකින් තොරව සියලු ශ‍්‍රී ලාංකික ජනතාවට ආරාධනා කර සිටී.

    බක්මහ දිවුරුමත් සමග මතට එරෙහි වැඩපිළිවෙළ සියලු අංශවල සහයෝගයෙන් ශක්තිමත් ව බලගැන්වීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

    අමාත්‍ය මණ්ඩල තීරණ- 2019-4-2

    රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

    ආහාර සුරක්ෂිතා සතිය තුළදී ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව සුරැකීම අරමුණු කරගනිමින් ආහාර අලෙවිසැල් පරික්ෂාව ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya