සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හට වන්දි පිරිනැමීම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18)කොළඹ,ෂැන්ග්‍රිලා හෝටලයේ දී පවැත්වීමට නියමිතය.
'රට වෙනුවෙන් එකට සිටිමු''ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් අද (මාර්තු 18 දින) සිට ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාවේ රසකැවිලි නිෂ්පාදන සඳහාත් සීනී මට්ටම දැක්වෙන වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.