එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙන් ණය ලබා ගැනීමට අපේක්ෂාකරන කණ්ඩායම් දැනුවත් කිරිමේ ජංගම සේවාවක් මාතලේ දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ස්ථාන පහකදී පැවැත්වීමට එන්ටප්‍රයිස් ශ්‍රි ලංකා හා ගම්පෙරලිය ප්‍රගති සමාලෝචන රැස්වීමේදී තීරණය විය.
මෙවර යල කන්නයේදී යාන් ඔය ජලාශය යටතේ මහ කන්නයට පමණක් අස්වැද්දු කුඹුරු අක්කර 10,500ක් සඳහා ජලය නිකුත් කළ හැකි බව යාන් ඔය ව්‍යාපාති අධ්‍යක්ෂ උදය හේම කුමාර මහතා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාට දැන්වීය.
උතුරු, දකුණු සහ වයඹ පළාත්වලත් මොණරාගල, අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-45 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.