පසුගිය නොවැම්බර් මස පාර්ලිමේන්තු සභාගර්භයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසී ය.
ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලික අංශයට පැවරීමක් සිදු නොකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
පොල් වගා කරුවන්ගේ තාක්ෂණික දැනුම ,වතු පාලනය, කම්කරු නීති හා අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබද සහතික පත්‍ර පාඨමාලාවක් අප්‍රේල් මස සිට සෑම මසකම එක් දිනය බැගින් පැවැත්වීමට ලුනුවිල පොල් පර්යේෂණායතනය සැලසුම් කර ඇත.
පොල් කර්මාන්තයේ මුළු අපනයනයෙන් පසුගිය වසර තුළ රුපියල් බිලියන 95 ක ආදායමක් ලබා ගැනීමට හැකිවු බවත් 2022 වන විට එම ආදායම දෙගුණ කිරීමට බලාපොරොත්තු වන බවත් පොල් සංවර්ධන අධිකාරියෙහි සභාපති උදය රූබසිංහ මහතා පවසයි.