ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ග්‍රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව ඉදිකළ සුරක්ෂිත මධ්‍යස්ථානයක් සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක ‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල තුනක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරේ.

    2018 වර්ෂයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආපදා සහන සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 38කට අධික මුදලක් වැය කර ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු වර්ග හතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන ප්‍රතිකාවක් එළැඹෙන පෙබරවාරි 26 වැනිදා පස්වරු 1.30ට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එස්. අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය, 16 වන මහලේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එළි දැක්වීමට නියමිතය.

    රජය විසින් පුද්ගලික අංශය සමඟ එක්ව උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා තාක්ෂණ අංශයෙහි ව්‍යවසායන් සංවර්ධනය කිරීම වේගවත් කිරීමට මුල් අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා ව්‍යාපාර මධ්‍යස්ථානයක් (ඉන්කියුබේටර්) ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය විසින්  පෙබරවාරි මස 21 වන දින මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර යාපනයේ තොරතුරු තාක්ෂණ සහ වෙනත් ක්ෂේත්ර සඳහා පහසුකම් වේගවත් කිරීම් වෙනුවෙන් ව්‍යාපාරික මධ්‍යස්ථානය සඳහා යටිතල පහසුකම් සැපයීමට ඉන්දියානු රජය මුල්‍ය ආධාර ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya