ජනතාවට ඇත්ත දැනගැනීමට සැලැස්වීම මාධ්‍යවේදීන්ගේ යුතුකම හා වගකීමයි. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ මාධ්‍ය නිසයි. ඒ සඳහා නිදහස් මාධ්‍ය වගේම මාධ්‍ය සදාචාරයත් තිබිය යුතුයයි'' ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පවසයි.
ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද (25) පොල්හෙන්ගොඩ පිහිටි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.
කිසිදු අයුරකින් විදුලි ගාස්තු ඉහළ නොදමන බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
බෞද්ධ විහාරස්ථාන හා ස්මාරක සංරක්ෂණය කිරීමේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ විහාරාධිපති හිමිවරුන් අතර ඇති වන ඇතැම් ගැටළුකාරි තත්වයන් නිරාකරණය කිරීම සදහා පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.