බෝනොවන රෝග පාලනය කිරිම සදහා මෙතෙක් පැණිබීම සදහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සදහා ද අප්‍රේල් මස 01 දා සිට ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් හෙවත් රුපියල් ලක්ෂ හයසීය දාහතරක ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
71 වැනි ජාතික දින උළෙලට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහනුවර දිස්ත්‍රික් ජාතික දින සමරු වැඩසටහන අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
වැලිමඩ නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (31) පෙරවරු 9.00 ට සිදු කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.