ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.
නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මිරිස්ස සංචාරක කලාපය ආශ්‍රිතව ප්‍රකට වී ඇති තල්මසුන් නැරඹීමේ ව්‍යාපාරය තුළ උද්ගත වී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් දින කිහිපයකට ඉහත දී වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයෙහි දී පැවති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගරු අමාත්‍යතුමාගේ අවධානය ඊට යොමුවෙමින් ඒ සඳහා විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සංවිධානය කෙරිණ.
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.