කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේදී වගා නොකළ ඉඩම් අක්කර 27,000කට ආසන්න ප්‍රමාණයක් යළි වගා කිරීමට පියවර ගෙන ඇත.
හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවල දෙසැම්බර් 15 දක්වා නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදෙයි.
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 ක කාලය තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇත. එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මස 15 වනදා වන විට තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ.
ඒ හේතුවෙන් එම කාලය තුලදී හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව සහත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රිඩා උළෙල දෙසැම්බර් 07 සහ 08 යන දෙදින රත්ගම ක්‍රිඩාංගණයේදි පැවැත්විනි.
ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා කලාව සුපෝෂණය කිරිම සඳහා සංස්කෘතික අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ කෑගලු දිස්ත්‍රික් වැඩසටහන සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ සහභාගිත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවැත්විණි.