හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දින (15) විශේෂ ප්‍රකාශයක් ජාතිය හමුවේ සිදු කරමින් සිය අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් අඩවියේ ප්‍රකාශයක් සටහන් කරමින් ප්‍රකාශ කර තිබේ.
අග්‍රමාත්‍ය ධූරයට හා අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම තවදුරටත් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) තීරණය කළේ ය.
නවසීලන්ත තරඟ සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා කණ්ඩායම් නායකයා වශයෙන් ලසිත් මාලිංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දෙසැම්බර් මස 13 දින පෙ.ව. 05.30 වන විට උතුරු අක්ෂාංශ 6.5 සහ නැගෙනහිර දේශාංශ 88.7 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 850 ක් පමණ නැගෙණහිරට බරව ගිනිකොන දෙසින් ස්ථානගතව පැවැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.