ණය ගැනීමට නොහැකි බවට ගෙන යන ප්‍රචාර සාවද්‍යය බවත් යම් කිසි අවස්ථාවක විසර්ජන පනතක් අනුමත වී නැති වෙලාවක, ලංකාවේ පිටත සහ ඇතුළත වියදම්,සඳහා ණය ලබාගැනීමට හැකි විශේෂ විධිවිධන පනතක් ඉදිරිපත් කර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කොට ඇත. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය 2019 ජනවාරි මස පස් වැනි (05) දින පෙරවරු 9.00 ට මාතලේ අළුවිහාරයේ දී මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
එළැඹෙන උත්සව සමයේ වෙළෙදපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිගයක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත්, මිල ඉහළ යාමකින් තොරව සාධාරණ මිලට ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට පාරිභෝගික ජනතාවට අවස්ථාව සලසන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.
නව කෘෂි සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධාන කරන “Harvest 2018” නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරිණි.