ශ්‍රී ලංකා අත්පන්දු ඉතිහාසයේ ප්‍රථමවරට පැවැත්වූ ‘ශ්‍රී ලංකා අත්පන්දු තරඟාවලිය - 2018’ පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (08) දින සාර්ථකව නිමාවට පත්වූ අතර තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් විය.
ඇතැම් පිරිස්වල ක්‍රියාකාරකම් හමුවේ රටක් වශයෙන් අභියෝගයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ නිරතුරුව මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නිර්භීතව කටයුතු කරන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සියලු මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමි වන බව ශාස්ත්‍රපති පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරති.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය සිසුවාගේ නව නිවසක සිහිනය ජනපති මැදිහත් වීමෙන් සැබෑ වෙයි.
2018 අගෝස්තු 02 වනදා ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව කි්‍රකට් කි්‍රඩාංගණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවේ දී විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන ශාලික ලක්ෂාන් සිසුවා ජනාධිපතිතුමා ඉදිරියේ කතාවක් ඉදිරිපත් කළේය.