ජංගම දුරකතනයක් අස්ථානගත වූ විට හෝ සොරකම් කළ විට ඒ පිළිබඳව පැමිණිලි කිරීමට නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.
නව කෘෂිකාර්මික සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන Harvest 2018 නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය අද (11) දින සිට 16 දක්වා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගාවේ අස්වනු නෙලීම ආරම්භ වීමත් සමග අස්වනු නෙලීම සදහා යොදා ගන්නා යන්ත්‍ර සුත්‍ර වලින් දරුවන්ට ගොවි මහතුන්ට, කාන්තාවන්ට හා විවිධ ජන කොටස්වලට සිදුවන ආපදා වළක්වා ගැනීම සදහා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් ආරම්භ කර ක්‍රියාත්මක කෙරිණි.
විදෙස් සංචාරකයින් 2500 ක ගේ පමණ සහභාගීත්වයෙන් සංචාරක කඳවුරක් අම්බලන්තොට උසන්ගොඩ වෙරළ ආසන්නයේ දි ලබන වසරේ 2019 ජනවාරී මස 9 සිට 15 දක්වා පැවැත්විමට සැලසුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරීය පවසයි.