ජාතික සුරක්ෂිත දිනය 2018 මූලික කර ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12ක '' ආපදා පෙර සූදානම්'' වැඩසටහන් 12ක් පැවැත්වීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු සංවිධානය කර ඇත.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2018 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 68 වන සංවත්සරය නිමිත්තෙන් නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පසුගිය දෙසැම්බර් 02 සහ 03 යන දෙදින තුළ පැවැත්විණි. මෙම අවස්ථාවට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය ද සහභාගී වූවාය.
නාවික හමුදාව විසින් අඛණ්ඩව හත්වන වරටත් සංවිධානය කළ මෙම ආගමික උත්සවයේදී ජාතික ධජය, බෞද්ධ ධජය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධාන, ආයතන සහ නෞකා වලට අයත් ධජයන් 77 කට සෙත් පැතීම එහිදී සිදු කෙරිණි. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ හා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගනිමින් පැවති මෙම උත්සවය, අනුරාධපුර අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝණායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, උතුරු මැද නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා ඇතුළු නාවික විධානයන් භාර ආඥාපතිවරුන් සහ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් මෙන්ම බැතිමතුන් විශාල පිරිසක් ද එම අවස්ථාවට එක් විය. ධජ ආශිර්වාද පූජාවට සමගාමීව නාවික හමුදා බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන ලද කප්රුක් පූජා පිංකමක්ද අනුරාධපුර, රුවන්වැලි මහා සෑ රදුන් අභියසදී පැවැත්විණි.
SL Navy