ලංකා වැසි ජල රැස්කරන්නන්ගේ සංසදය හා නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන(IWMI)එක්ව සංවිධානය කරනු ලබන වැසි ජලය රැස්කිරීම තුළින් ජලසුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලබන 28 හා 29 යන දිනයන්හි පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන(IWMI) ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මාලදිවයින් ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සුබ පතුම් පිරිනැමීය.
මහනුවර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් වැඩසටහන් රැසක් පැවැත්වීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම මත, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සංස්කෘතික බල මණ්ඩලය මගින් කටයුතු යොදා තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2018 - දෙසැම්බර් 03 වන දා සිට 12 වන දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.