විශාල ලෙස රැකියා, ආදායම් මාර්ග ජනිත වෙන මසා නිමකළ ඇදුම්වල නිෂ්පාදනය කෙරෙන නිදහස් වෙළඳ කලාප තුනක් කඩිනමින් පිහිටුවීම්ට පියවර ගන්නා බව ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
දීර්ඝ කාලයක සිට විධිමත් පත්වීමක් නොමැතිව සේවය කළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 14000 කට වැඩි පිරිසකට විධිමත් ස්ථිර පත්වීම් ලබා දීමට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා තීරණය කරයි.
අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් තමා සිදුකර නොමැති බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ විදෙස් ජනමාධ්‍ය නියෝජිතයන් අතර හමුවක් අද (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.