මේ අවස්ථාවේදී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් රට ගොඩ ගන්න අපට යුද්දය කාලයේදී ලබාදුන් ආකාරයේ සහයෝගයක් ලබා දෙන්න කියලා. මේ රට ගොඩ ගන්න තියෙන අවසන් අවස්ථාව මෙයයි යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව තුළ උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළුව සමස්ත රට ආවරණය වන පරිදි අපනයන සැකසුම් සහ අපනයන සේවා සපයන ගම්මාන 5000ක් පිහිටුවීමට උපදෙස් ලබාදුන් බව ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ආයෝජන ප්‍රවර්ධන, බදු විමුක්ති පැකේජයක් හදුන්වාදීමට පියවර ගන්නා බවත් ලංකා ඉතිහාසයේ කිසිම රජයක් ලබා නොදුන් රාජ්‍ය මූල්‍ය හා බදු සහන පැකේජයක් යටතේ නිශ්චිත ව්‍යාපෘති සඳහා ආයෝජන නිදහසේ රට තුළට ගෙන එන්න නීතිමය රැකවරණයක් ලබාදෙන බවත් ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.
ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම වැළැක්වීම සඳහා රුපියල ශක්තිමත් කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් සහ ඉලක්ක ගත වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.