අඹතලේ ජල පොම්පාගාරයේ නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (24) පෙරවරු 8 සිට පැය 18ක කාලයක් කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයන්හි සහ මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගර සභා ප්‍රදේශ තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සඳහා නියෝජිත සංඛ්‍යාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විසින් විරෝධය දක්වමින් අද (23) පාර්ලිමේන්තුවේ සභාගර්භයෙන් ඉවත්වීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පියවර ගත්තේය.