සවුදි අරාබි මාධ්‍යවේදියාට සිදු වූ සිද්ධිය ශ‍්‍රී ලංකා රජය හෙළා දකින අතර, මෙවැනි සිදුවීම් ලෝකයේ කිසිදු තැනක සිදු නොවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
අකුරණ ප්‍රදේශයේ නිරන්තරයෙන් ඇතිවන ගං වතුර තත්වයට ස්ථීර විසදුමක් ලබා දෙන තුරු පිගා ඔය සහ වහගල ඔය සම්බන්ධ කරමින් එපිට ප්‍රදේශ දක්වා පාලම් ඉදි කිරීම තාවකාලිකව අත් හිටුවීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් එල්.ජේ.එම්.ජී.චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් තීරණය කරන ලදී.
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 26 දෙනෙකු (27 ) දින සිට නොවැම්බර් 4 දක්වා දින 09ක චීන අධ්‍යයන චාරිකාවක සහභාගී වෙති.
2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළව ආසන්න පදනම යටතේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන ලද දරුවන් සඳහා ලබා දුන් ලේඛණයේ අඩංගු අවසන් ලකුණු තාවකාලික පොරොත්තු ලේඛණයට ඇතුළත් කිරීමේ දී වෙනස් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී තිබේ.